ඇන්ජලෝ මැතිව්ස් FCIDයට මොනවා කියයිද?

Monday, 18 January 2016 - 8:30

%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%BD%E0%B7%9D+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A++FCID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හෙට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙනවා. ඒ තරග පාවාදීමට බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගාවලිය අතරතුර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් සහ රංගන හේරත් යන ක්‍රීඩකයන් මුදලට තරග පාවාදීමට පෙළඹ වූූ බවට පරීක්ෂණයක් මේ වනවිටත් සිදුකෙරෙමින් පවතිනවා. ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර රංගන හේරත්ගෙන් සහ කුසල් ජනිත්ගෙන් ද මූල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

මේ අතර අද පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයන් පෙළඹවීමට උත්සාහ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුුණුකරුවෙකුගේ සහ තවත් පුද්ගලයෙකුගේ වැඩ තහනම් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.