ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු එෆ් FCIDයට

Monday, 18 January 2016 - 13:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%91%E0%B7%86%E0%B7%8A+FCID%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ජෙරී වවුටර්ස් අද (18) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටියා.

ඒ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබාදීමටයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් සහ රංගන හේරත් ක්‍රීඩකයින් මුදලට තරග පාවාදීමට පොළඹවා ඇති බවට පවසමින් අදාළ පැමිණිල්ල සිදුකර තිබුණේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින්.

මේ සම්බන්ධයෙන් රංගන හේරත් සහ කුසල් ජනිත් යන ක්‍රීඩකයින්ගෙන් ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මීට පෙර ප්‍රකාශ සටහන් කර ගත්තා.

සිද්ධිය පිළිබදව ප්‍රකාශයක් ලබාදීම සදහා හෙට දිනයේදී මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට ද දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.