පාවාදීම ටෙනිස් පිටියටත්

Wednesday, 20 January 2016 - 9:36

%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
ටෙනිස් ක්‍රීඩාව තුළ සිදුවන තරඟ පාවාදීම් සම්බන්ධයෙන් බී බී සී පුවත් සේවය විශේෂ අනාවරණයක් සිදුකළා.

ඒ ජනප්‍රිය ටෙනිස් ක්‍රීඩකයෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්.

කෙසේ වෙතත් මෙම ටෙනිස් ක්‍රීඩකයාගේ නම හෙළි කර නැහැ.

ටෙනිස් ක්‍රීඩාව තුළ තරඟ පාවාදීම් සාමාන්‍ය තත්ත්වයක් බවයි ඔහු බී බී සී පුවත් සේවය වෙත පවසා ඇත්තේ.

එමෙන්ම තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ටෙනිස් ක්‍රීඩාවේ ඉහළම බලධාරීන් දැනුවත්භාවයකින් සිටියද එය වැළැක්වීමට පියවර නොගන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ටෙනිස් ක්‍රීඩාවේ නිරතවන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් තරඟ පාවාදීම්වලට සම්බන්ධ වීම සුලභ තත්ත්වයක් බවයි මෙම ක්‍රීඩකයා බී බී සී පුවත් සේවයට පවසා ඇත්තේ.