ක්‍රිකට් නායකයා බලධාරීන්ට දෙහි කපයි

Monday, 25 January 2016 - 9:07

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියානු ක්‍රීඩාංගණවල තණතිලි සම්බන්ධයෙන් එරට ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. ඔහු පවසන්නේ  ඕස්ට්‍රේලියාවේ තණතිලි කිසිදු විවිධත්වයක් නොමැති ඒවා බවයි.

විශේෂයෙන්  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයාගේ දැඩි විවේචනයට ලක්ව ඇත්තේ ගැබා සහ වකා යන ක්‍රීඩාංගණයි.

කෙසේ වෙතත් ඇඩිලේඩ්  ක්‍රීඩාංගණය පිළිබඳව ඔහු යම් ප්‍රසාදයකින් අදහස් ඉදිරිපත් කර තිබෙනවා. ස්ටීවන් ස්මිත් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම ක්‍රීඩාංගණ නවීකරණය කිරීමට වහාම  ඕස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කළ යුතු බවයි.