චන්දිමාල් මිලින්දට පරදී - ඩිල්ෂාන් තිරිමාන්න පරදයි

Tuesday, 26 January 2016 - 18:47

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+-+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් පළාත් විස්සයි විස්ස තරගාවලිය අද ආරම්භ වුණා.

කණ්ඩායම් 5ක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙහිදී තරඟාවලියට එක්වනවා.

ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පළමු තරඟය පැවැත්වුණේ මිලින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් කලම්බු කමාන්ඩෝස් කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ගෝල් ගාඩියන්ස් කණ්ඩායම අතරයි.

එම තරඟය කලම්බු කමාන්ඩෝස් කණ්ඩායම කඩුලූ 3 කින් ජයගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ගෝල් ගාඩියන්ස් පිල නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 162 ක් රැස් කළ අතර, පන්දු වාර 19 යි පන්දු 4 කදී කඩුලූ 7 ක් දැවී තරඟයේ ජය හිමිකරගැනීමට කලම්බු කමාන්ඩෝස් කණ්ඩායම සමත්වුණා.

තරඟාවලියේ දෙවන තරඟය පැවැත්වූණේ ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් කැන්ඩි කෲසේඩර්ස් සහ තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් හම්බන්තොට ටෲපර්ස් කණ්ඩායම අතරයි.

එහිදී පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කෲසේඩර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 114ක් රැස් කළා.

හම්බන්තොට කණ්ඩායම තරඟය ජයගත්තේ පන්දු වාර 13 යි පන්දු 5 කදී කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 117 ක් රැස් කරමින්.