ඉන්දියාවට එරෙහි 20-20 සංචිතයෙන් මාලිංග / මැතිව්ස් ඉවතට

Thursday, 28 January 2016 - 16:15

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+20-20+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%2F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A++%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ඉන්දියාව සමග පැවැත්වෙන 20 යි 20 තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

එහි නායකත්වය පවරා ඇත්තේ දිනේෂ් චන්දිමාල්ටයි.

ටී එම් ඩිල්ෂාන් / සීකුගේ ප්‍රසන්න / මිලින්ද සිරිවර්ධන / ධනුෂ්ක ගුණතිලක / තිසර පෙරේරා / දසුන් ශානක සහ අසේල ගුණරත්න ද සංචිතයට ඇතුලත්.

චාමර කපුගෙදර / චමීර දුෂ්මන්ත / දිල්හාර ප්‍රනාන්දු / කසුන් රාජිත / බිනුර ප්‍රනාන්දු / සචිත්‍ර සේනානායක / සහ ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.

තේරීම් කමිටු රැස්වීමේදී මෙම සංචිතය නම් කෙරුනු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

ඉන්දීය සංචාරයට එක්වන මෙම සංචාරයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

ලසිත් මාලිංග / ඇන්ජෙලෝ මැතිවිස් / නුවන් කුලසේකර / රංගන හේරත් සහ නුවන් ප්‍රදීප් ආබාධ තත්වයන් හේතුවෙන් සංචිතයෙන් ඉවත්කල බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර 20-20 තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.

පෙබරවාරි 9 වනදා පළමු තරගය පැවැත්වෙන්නේ පුනේහිදීයි.

මේ අතර එළඹෙන ආසියානු කුසලානයට සහ 20-20 ලෝක කුසලානයට සහභාගී වන සංචිතයට මේවන විට ක්‍රියාත්මක අන්තර් පළාත් 20-20 තරගාවලියෙන් පසු තෝරා ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කලා.