19 න් පහළ පළමු ජය ශ්‍රී ලංකාවට

Thursday, 28 January 2016 - 19:57

19+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරඟයෙන් කැනඩාව පරදා ලකුණු 196 ක ජයක් වාර්තා කිරීමට අද (28) සමත් වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 315 ක් රැස්කළා.

නායක චරිත් අකලංක ලකුණු 76 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැනඩා කණ්ඩායමට පන්දුවාර 39 යි පන්දු 02 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 119 ක් පමණයි.