19 න් පහළ ලෝක කුසලාන තවත් තරග 3 ක් අද

Friday, 29 January 2016 - 7:33

19+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 3ක් අද (29) පැවැත්වෙනවා.

එංගලන්තය - චිතගොන්හි බටහිර ඉන්දීය කොදෙව් පිල සමග තරග වදින අතර ෆීජී පිල තරග වදින්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.

නැමීබියාව - ස්කොට්ලන්තය සමග අද තරග වදිනවා.

ඊයේ පැවති තරගවලදී ශ්‍රී ලංකාව කැනඩාව පරදවා ලකුණු 196 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ අතර, ඉන්දියාව, අයර්ලන්තය පරදවා ලකුණු 79 ක ජයක් වාර්තා කළා.

බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව පරදවා ලකුණු 43ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

නේපාලය, නවසීලන්තය පරදවා ලකුණු 32 ක ජයග්‍රහණයක් වාර්තා කළා.