හෆීස්ට පන්දුව තහනම්

Monday, 01 February 2016 - 8:04

%E0%B7%84%E0%B7%86%E0%B7%93%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මොහොමඩ්  හෆීස්ට වසරක පන්දු යැවීමේ තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ ඇති දෝෂසහගත තත්ත්වයක් බවයි වාර්තාවන්නේ.

මේ දිනවල පාකිස්ථානයේ පැවැත්වෙන සුපර්ලීග් තරඟාවලියේදී හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

ඒ පිළිබඳව කළ මූලික නිරීක්ෂණවලදී මොහොමඩ්  හෆීස්ගේ පන්දු යැවීම දෝෂ සහගත බවයි නිගමනය වී ඇත්තේ. පාකිස්ථාන ක්‍රිකට් ආයතනයද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එම තීරණයට එකඟ වී ඇති බව සඳහන්.