විරාට් කෝලි ශ්‍රී ලංකා තරගාවලියට නැහැ

Tuesday, 02 February 2016 - 8:27

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය පිළේ ප්‍රබල පිතිකරු විරාට් කෝලි සහභාගි නොවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ නිවේදනය කළා.

ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඉන්දීය පිළ වෙනුවෙන් දස්කම් දැක්වූ විරාට් කෝලි විවේක ගැන්වීමට තීරණය කිරීම ඊට හේතුවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරගාවලිය පෙබරවාරි 9 වන දා ආරම්භ වන්නේ පූනේහි පැවැත්වෙන තරඟයෙන්.

ඉන්පසු පෙබරවාරි 12 වන දා රන්චි හිදී සහ 14 වන දා විශාඛපට්නම් හිදී අනෙක් තරඟ දෙක පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා වූ ඉන්දීය සංචිතය අද නම් කෙරුණු අතර එහි නායකත්වය දරන්නේ මහේන්ද්‍ර සිං දෝනි විසින්.