T20 ලෝක කුසලාන - ආසියානු කුසලානය මාලිංගට යටත් කරයි

Tuesday, 02 February 2016 - 13:46

T20+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+-+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සහ ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිළ මෙහෙයවීම සඳහා ලසිත් මාලිංග නම් කර තිබෙනවා.

එහිදී උප නායකයා ලෙස කටයුතු කරනු ඇත්තේ ටෙස්ට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් විසින්. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ලබන මාර්තු 8 වන දා සිට අප්‍රේල් 3 වන දා දක්වා ඉන්දියාවේදී පැවැත්වෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය බංග්ලාදේශයේදී ආරම්භ වන්නේ පෙබරවාරි 24 වන දායි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය සහභාගි වන මෙම තරගාවලිය මාර්තු 6 වන දා දක්වා පැවැත්වෙනු ඇති.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ විස්සයි විස්ස තරගාවලියක් ලෙසයි.