හොකී කණ්ඩායමට වාරණයක්

Wednesday, 03 February 2016 - 13:16

%E0%B7%84%E0%B7%9C%E0%B6%9A%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායමට ඉන්දියාවේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (03) වාරණ නියෝගයක් නිකුත් කළා.

දිසා විනිසුරු ටී.ඞී. ගුණසේකර මෙම නියෝගය නිකුත් කළේ හොකී කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන දිලූක මධුශංක ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදී අසාධාරණයක් සිදුව ඇති බවටයි පෙත්සමෙන් දක්වා ඇත්තේ.