මහේල යළි ලකුණු අතරට

Friday, 05 February 2016 - 8:04

%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
සාජා හිදී ඊයේ (04) පැවති මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගයකදී නැවතත් පිත්තෙන් දස්කම් දැක්වීමට ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සමත් වුණා.

සැගිටේරියස් ස්ට්‍රයිකර්ස් පිල නියෝජන කරමින් මහේල තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කළේ තරගයේ වීරයා බවට පත් වෙමින්.

ඔහුගේ කණ්ඩායම සිය පන්දුවාර විස්ස තුලදී කඩුලූ 3 කට ලකුණු 227 ක් රැස් කළ අතර මහේල ලබා ගත් ලකුණු සංඛ්‍යාව 124 ක්.

ඒ සඳහා පන්දු 60 ක් පමණක් වැය කළ මහේල 4 පහර 10 ක් සහ 6 පහර 9 ක් ද එල්ල කළා.

පිළිතුරු වශයෙන් ලිබ්රා ලෙජන්ඞ්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලූ 7 ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 164 ක් පමණයි.

ෂෝන් අර්වින් පන්දු 20 කදී ලකුණු 55 ක් රැස් කළ අතර ෂේන් බොන්ඞ් සහ ඩැනියෙල් විටෝරි කඩුලූ 2 ක බැගින් බිඳ හෙලූවා.

මේ අනුව තරගයෙන් මහේල නියෝජනය කළ සැගිටේරියස් ස්ට්‍රයිකර්ස් පිලට ලකුණු 63ක ජයක් හිමිවුණා.

 


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More