ගාඩියන්ස් කමාන්ඩෝස් සටන අද

Friday, 05 February 2016 - 13:59

%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (05) පැවැත්වෙනවා.

තරගය විදුලි ආලෝක මධ්‍යයේ  රාත්‍රී 7 ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

මිලින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් කලම්බු කමාන්ඩෝස් කණ්ඩායම අවසන් තරගයේදී මුහුණ දෙන්නේ දිනේෂ් චන්දිමාල් මෙහෙයවන ගෝල් ගාඩියන්ස් පිලටයි.

කොළඹ කණ්ඩායම මෙම තරගාවලියේදී හම්බන්තොට ටෲපර්ස් පිලට පමණක් පරාජය වූ අතර, ගාල්ල පිල මූලික තරග දෙකකින් පරාජයට පත්වී තිබෙනවා.

තරගාවලියේ මේ වනවිට වැඩිම ලකුණු ලාභින් වන්නේ කොළඹ පිල නියෝජනය කරන ධනංජය සිල්වා සහ නිරෝෂන් දික්වැල්ලයි.

ශමින්ද එරංග සහ කසුන් රාජිත කොළඹ පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වා තිබෙනවා.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් සුරාජ් රන්දිව් සහ දුෂ්මන්ත චමීර පන්දුවෙන් දස්කම් පෑමට සමත් වුණා.

ගාල්ල කණ්ඩායමේ 21 හැවිරිදි ළහිරු මිලන්ත සහ නායක දිනේෂ් චන්දිමාල් අද පැවැත්වෙන අවසන් මහා තරගයේදී පිත්තෙන් දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂිතයි.


එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්
Thursday, 16 July 2020 - 13:40

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ මැන්චෙස්ටර් හිදී අද ආරම්භ... Read More

එංගලන්ත - කොදෙව් දෙවන ටෙස්ට් තරගය අද
Thursday, 16 July 2020 - 7:59

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය... Read More

ජේසන්ට ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ දෙවන ස්ථානය
Wednesday, 15 July 2020 - 8:09

ජගත් ක්‍රිකට් කවුන්සිලය නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත... Read More