අන්තර් පළාත් 20 - 20 ශූරතාව කලම්බු කමාන්ඩෝස් පිලට

Saturday, 06 February 2016 - 8:05

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+20+-+20+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7
මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කිරීමට මිලින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් කලම්බු කමාන්ඩෝස් කණ්ඩායම ඊයේ (05) සමත් වුණා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැති අවසන් මහා තරඟයේදී දිනේෂ් චන්දිමාල් මෙහෙයවන ගෝල් ගාඩියන්ස් පිල කඩුලූ 8කින් පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ගාලූ පිළට ඇරයුම් කළා.

ගෝල් ගාඩියන්ස් පිළ සිය පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 143ක් රැස් කිරීමට සමත් වුණා.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 60ක් රැස් කළ අතර, ශමින්ද එරංග ලකුණු 27කට කඩුලූ 4ක් බිද හෙලූවා.

කලම්බු කමාන්ඩෝස් පිළ පන්දු වාර 16යි පන්දු 4කදී කඩුලූ 2ක් දැවී ලකුණු 147ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.

එහිදී ශෙහාන් ජයසූරිය ලකුණු 62ක් ලබා ගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 41ක් රැස් කළා.

තරඟයේ වීරයා ලෙස කලම්බූ කමාන්ඩෝස් පිළේ ශමින්ද එරංග තිළිණ ලැබූ අතර තරගාවලියේ වීරයා වූයේ එම කණ්ඩායමේ ම ධනංජය ද සිල්වායි.


කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More