රාජසේකර සහ ඉන්ද්‍රජිත් රිදියෙන් සරසයි

Friday, 12 February 2016 - 14:32

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%92
සාග් ක්‍රීඩා උළෙල මලල ක්‍රීඩා තරඟ ඉසව්වේ ශ්‍රී ලංකාව අද රිදී පදක්කම් දෙකක් දින ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ මැරතන් ධාවන තරඟය නියෝජනය කරමින්.

එම තරඟය කාන්තා ඉසව්ව නියෝජන කල එන් ජී රාජසේකර සහ එහි පිරිමි ඉසව්ව නියෝජනය කල අනුරාධ ඉන්ද්‍රජිත් මෙසේ රිදී පදක්කම් හිමි කර ගත්තා.

මේ වන විට ශ්‍රී ලංකාව රන් 25ක් රිදී 53ක් ලෝකඩ 77ක් දිනා තිබෙනවා.