ශ්‍රී ලංකාව මෙල්ලකර ඉන්දියාව තැබූ වාර්තාව

Monday, 15 February 2016 - 8:33

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර විස්ස තරඟයකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ඊයේ (14) වාර්තා කළා. ඉන්දියාව සමඟ පැවති තරඟයේදී පන්දු වාර 18 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලූම ක්‍රීඩකයන් දැවී ගියේ ලකුණු 82 කටයි.

ලකුණු 83 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දු වාර 13 යි පන්දු 5 කදි එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේ තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලිය දෙකට එකක් ලෙස ජයගනිමින්.  

ඊයේ තරඟයේදී ඉන්දියාව වෙනුවෙන් රවිචන්ද්‍ර අෂ්වින් කඩුලූ 4 ක් දවාගත් අතර, ෂිකර් දවාන් ලකුණු 46 ක් නොදැවී ලබාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදුන්නා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟයකදී ලබා තිබූ අඩුම ලකුණු සංඛ්‍යාව ලකුණු 87 ක්. ඒ,   ඕස්ට්‍රේලියාවට එරෙහිවයි.



\"\" \"\"