කලකට පසු ඉන්දියාව සහ පාකිස්ථානය මුහුණට මුහුණ

Wednesday, 17 February 2016 - 7:47

%E0%B6%9A%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB
වසර ගණනාවකට පසුව ඉන්දියාව සහ පාකිස්ථානය මාර්තු මස 19 වනදා මුහුණට මුහුණ හමුවනවා.

ඒ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදීයි.

මෙම තරගය ඉන්දියාවේ පැවැත්වෙන අතර ඒ පිළිබඳව ලොව පුරා සිටින ක්‍රිකට්ලෝලීන්ගේ අවධානය යොමුවනු ඇති.

ඉන්දියාව සහ පාකිස්ථාන අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් එම රටවල් අතර ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ අඩු වශයෙන්.

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 8 වනදා ආරම්භ වන අතර ඊට කණ්ඩායම් 16 ක් එක්වනවා.