ලසිත් මාලිංග යළි T20 සංචිතයට

Thursday, 18 February 2016 - 15:15

%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+T20+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
ඉදිරියේදී පැවත්වෙන ආසියානු කුසලානයට සහ 20 යි 20 ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ලසිත් මාලිංගට යළිත් සංචිතයේ නායකත්වය හිමිව ඇති අතර උප නායකයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් නම්කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

පසුගියදා ආබාධ තත්වයන් හේතුවෙන් සංචිතයෙන් ඉවත්ව සිටි ලසිත් මාලිංග මෙන්ම ඇන්ජෙලෝ මැතිව්ස් කණ්ඩායමට එක්වීම දැඩි ශක්තියක් වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මෙන්ම නුවන් කුලසේකර ද ආසියානු කුසලානයට සහ 20 යි 20 ලෝක කුසලාන සංචිතයට නම්කර තිබෙනවා.

දිනේශ් චන්දිමාල් / තිලකරත්න ඩිල්ෂාන් / නිරෝෂන් දික්වැල්ල / ශෙහාන් ජයසුරිය / මිලින්ද සිරිවර්ධන / දසුන් ශානක / චාමර කපුගෙදර / දුෂ්මන්ත චමීර / තිසර පෙරේරා / සචිත්‍ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩසේ සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.

කෙසේවෙතත් ඉන්දියාවට එරෙහි 20 යි 20 තරගාවලියට එක්ව සිටි කසුන් රාජිත මෙවර සංචිතයට නම්කර නැහැ.

එමෙන්ම ශෙහාන් ජයසුරිය ද මෙවර සංචිතයට එක්කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

දිල්හාර ප්‍රනාන්දු / සීකුගේ ප්‍රසන්න / ධනුෂ්ක ගුණතිලක / අසේල ගුණරත්න සහ බිනුර ප්‍රනාන්දු ද මෙවර ආසියානු කුසලාන සහ 20 යි 20 ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතයට නම්කර නැහැ.