මැකලම්ගෙන් ලෝක වාර්තාවක්

Saturday, 20 February 2016 - 13:42

%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් ටෙස්ට් ඉතිහාසයේ වේගවත්ම ශතකය රැස් කරමින් අද (20) නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.  

ඕස්ට්‍රේලියාව සමග ක්‍රයිස්චර්ච් නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී මැකලම්ට ශතකය රැස් කිරීම සදහා වැය වූයේ පන්දු 54 ක් පමණයි.

මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ පන්දු 56 කින් ශතකයක් රැස් කළ කොදෙව් ක්‍රීඩක විවියන් රිචඞ්ස් විසින්.

ඒ මීට වසර 30 කට පෙර එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගයකදීයි.

පාකිස්ථානු ක්‍රීඩක මිස්බා උල්හක් ද 2014 වසරේදී රිචඞ්ස්ගේ එම වාර්තාව සම කිරීමට සමත් වුණා.

බ්‍රෙන්ඩන් මැකලම් මෙම ශතකය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට පෙර සහභාගි වන අවසන් ටෙස්ට් තරගයේදී රැස් කිරීම ද විශේෂත්වයක්.