ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට

Sunday, 21 February 2016 - 9:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ බංග්ලාදේශය බලා ඊයේ රාත්‍රියේ නික්මුණා.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය පෙබරවාරි 24 වන දා සිට මාර්තු 6 වන දා දක්වා විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතයි.

සමාරම්භක තරඟය සත්කාරක බංග්ලාදේශ පිළ සහ ඉන්දියාව අතර පෙබරවාරි 24 වන දා මීර්පූර් හිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව ප්‍රථම තරඟයට මුහුණ දෙන්නේ පෙබරවාරි 25 වන දායි.

පෙබරවාරි 28 වන දා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය පැවැත්වෙන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරඟ වදින්නේ මාර්තු 1 වන දායි.

මාර්තු 4 වන දා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟය පැවැත්වීමට නියමිතයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී මෙන්ම ඉන් අනතුරුව ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිළ ලසිත් මාලිංග විසින් මෙහෙය වනු ලබන අතර, ඇන්ජලෝ මැතිව්ස් උප නායකයා ලෙස කටයුතු කරනවා.