ස්ටීවන් සහ බර්න්ස් මැකලම්ට පිළිතුරු දෙයි

Sunday, 21 February 2016 - 12:58

%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච් නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වූ අද  ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 363 ක් ලබාගත්තා.

ජෝ බර්න්ස් ලකුණු 170 ක් රැස් කළ අතර, ස්ටීවන් ස්මිත් ලකුණු 138 ක් රැස් කරගැනීමට සමත්වීම විශේෂ වනවා.

නවසීලන්තය සිය මුල් ඉනිම සඳහා ලකුණු 370 ක් රැස් කළ අතර, එහිදී නායක බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 145 ක් රැස් කරගත්තේ පන්දු 79 කට මුහුණදෙමින්.

ඊට හයේ පහර 6 ක් සහ, හතරේ පහර 21 ක් ද ඇතුළත් වුණා.

මැකලම් සිය අවසන් ටෙස්ට් තරඟයට සහභාගි වෙමින් මෙම ශතකය රැස් කරගත්තේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස වාර්තා පොතට එක්වෙමින්.

\"\" \"\"