විශ්‍රාමය ගැන මාලිංගගෙන් ඉඟියක්

Friday, 26 February 2016 - 11:01

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග පැවති තරගයෙන් පසු ලසිත් මාලිංග සිය විශ්‍රාම යාම පිළිබඳ ඉගියක් ලබාදුන්නා.

ඔහු ප්‍රකාශ කලේ තමා මේවන විට 20යි 20 තරග දිවියෙන් සමු ගැනීමට ආසන්නව සිටින බවයි.

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සිය විශ්‍රාම යාම පිළිබඳ හෙළිකල ආකාරයෙන් 20 යි 20 ලෝක කුසලානයට පෙර විශ්‍රාමය පිළිබඳ හෙළි කරන්නේදැයි මාධ්‍යවේදීන් විමසු පැනයකට පිළිතුරු දෙමින් මාලිංග මෙම අදහස් පළකලා.

දණහිසේ ආබාධයක් හේතුවෙන් ලසිත් මාලිංග පසුගිය මාුෂ 3 ක පමණ කාලයක් තරගවලට සහභාගී වුයේ නැහැ.

මෙම තත්වය මත තමාට ඉදිරි ක්‍රිකට් දිවිය පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි මාලිංග මීට පෙර මාධ්‍යයට ප්‍රකාශකර තිබුනා.

තමාට ඇති දණහිසේ ආබාධය පුර්ණ වශයෙන් සුවවනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වසර 12 ක් ජාතික කණ්ඩායමට තරග කල 32 හැවිරිදි තමාට ආබාධ තත්වයක් පැවතිය ද ඊට ප්‍රතිකාර ලබාගැනීමට දීර්ඝ කාලයක් විවේක ගැනීමට නොහැකි බව මාලිංග ප්‍රකාශ කරනවා.

එලෙස විවේක ගතහොත් එය තරග දිවියෙන් විශ්‍රාම ගැනීමක් වනු ඇතැයි ද මාලිංග සඳහන් කලා.

ඒ හේතුවෙන් නුදුරේදීම තම ක්‍රිකට් දිවිය පිළිබඳ තීරණයක් ගන්නා බවයි ලසිත් මාලිංග කියාසිටියේ.