පාපන්දු මහ පුටුව සෙප් බ්ලැටර්ගේ අල්ලපු ගමට

Saturday, 27 February 2016 - 8:31

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%99%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%90%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94+%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7
ගියානි ඉන්ෆැන්ටිනෝ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා ලෙස තේරී පත්වී සිටිනවා.

ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර ඊයේ පැවති ඡන්ද විමසීමේදී ඔහු සිය සමීපතම ප්‍රතිවාදියා වන ආසියානු පාපන්දු සම්මේලනයේ ප්‍රධානි ෂෙයික් සල්මාන් බින් ඊබ්‍රාහිම් අල් කලීෆා පරාජය කළේ දෙවන වටයේදියි.

පළමු වටයේදී ඡුන්ද 88 ක් ලබාගත් ගියානි ෂෙයික් සල්මාන්ට වඩා ඡන්ද 3 ක් ඉදිරියෙන් සිටි අතර, දෙවන වටයක් පැවැත්වීමට සිදුවූයේ ඔහුට මුළු ඡන්ද සංඛ්‍යාව වූ 207 න් සියයට 50 ක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන්.

ඔවුන් දෙදෙනා අතර පැවති දෙවන වටයේදී ගියානිට ඡන්ද 115 ක් හිමිවූ අතර, එය ෂෙයික් සල්මාන්ට වඩා 27 ක බහුතරයක්.

ලෝක පාපන්දු සම්මේලනයේ නව ප්‍රධානියා වන ගියානෝ ඉන්ෆැන්ටිනෝ ද ස්විට්සර්ලන්ත ජාතිකයෙක්.

ඔහු 1998 වසරේ සිට ලෝක පාපන්දු සම්මේලන ප්‍රධානියා වන ස්විස් ජාතික සෙප් බ්ලැටර් වෙනුවට ලොව පාපන්දු ක්‍රීඩාව මෙහෙයවනු ඇති.

ඉන්ෆැන්ටිනෝගේ නිවස සහ හිටපු ප්‍රධානී බ්ලැටර්ගේ නිවහන් අතර පවතින්නේ සැතපුම් හයක වෙනසක්.

ලෝක පාපන්දු සම්මේලනයේ ප්‍රධානී තනතුර සඳහා දෙවන වටයේ ඡුන්ද විමසීමක් ඊයේ පැවැත්වුණේ ද 1974 වසරින් පසු ප්‍රථම වතාවටයි.