පකිස්ථානයට එරෙහි තරගයෙන් ඉන්දියාව ජය ගනී

Sunday, 28 February 2016 - 7:01

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ආසියානු කුසලාන තරගාවලියේ පකිස්ථානයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත්වුනා.

ඩකාහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 17 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 83 ක් පමණයි.

සෆ්රාස් අහමඩ් ලකුණු 25 යි. පන්දු යැවීමේදී හාඩික් පන්ඩ්යා කඩුලු 3 ක් සහ රවීන්ද‍්‍ර ජඩේජා කඩුලු 2 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 15 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකලා.

විරාත් කෝලි පන්දු 51 කින් ලකුණු 49 ක් රැස් කලේ හතරේ පහර 7 ක් ද සමගින්.

තරගයේ වීරයා සම්මානය ද විරාත් කෝලිට  හිමිවුනා.

මොහොමඩ් අමීර් කඩුලු 3 ක් සහ මොහොමඩ් සාමි කඩුලු 2 ක් බිඳ හෙලුවා.  

මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර තරගයක් අද ඩකාහිදී පැවැත්වීමට නියමියතයි.

\"\" \"\"