කාන්තා විනිසුරුවරියන් ක්‍රිකට් ලෝක කුසලානයට

Sunday, 28 February 2016 - 12:59

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
මෙවර ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ප්‍රථමවරට කාන්තා විනිසුරුවන්ද යොදාගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා 31 දෙනෙකුගෙන් යුත් විනිසුරු සංචිතයක් ජාත්‍යන්තර සම්මේලනය මගින් ප්‍රකාශයට පත් කළ අතර, ඊට විනිසුරුවරියන් දෙදෙනෙකුද ඇතුළත්.

නවසීලන්තයේ කැතී ක්‍රොස් ඉන් එක් විනිසුරුවරියක වන අතර, ඇය මීට පෙර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි තුනකදී විනිසුරුවරියක ලෙස කටයුතු කර තිබෙනවා.

කැතී ලබන මාර්තු 16 වනදා චෙන්නායි හි පැවැත්වෙන පාකිස්ථාන - බංග්ලාදේශ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ විනිසුරුවරියක ලෙස කටයුතු කරනු ඇති.

ක්ලෙයාර් පොලොසැක් එලෙස නම් කර ඇති අනෙක් විනිසුරුවරියයි.

ඇය  ඕස්ට්‍රේලියාව නියෝජනය කරන වෘත්තියෙන් පාසල් ගුරුවරියක් වන 27 හැවිරිදි කාන්තාවක්.

විනිසුරුවරියක ලෙස සුදුසුකම් ලබා ඇති ඇය  ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ විනිශ්චයටද මීට පෙර එක්වී තිබෙනවා.