පාකිස්තානයට ජය

Tuesday, 01 March 2016 - 7:51

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය අත්කර ගැනීමට පාකිස්තානය ඊයේ සමත් වුණා.

එම තරඟය පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 129ක් රැස් කළා.

මොහොමඞ් අමීර් ලකුණු 6කට කඩුලූ 2ක් බිද හෙලූවා. පාකිස්තාන පිළ පන්දු වාර 18යි පන්දු 4කදී කඩුලූ 3ක් දැවී ලකුණු 131ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.

ෂොයිබ් මලික් නොදැවී ලකුණු 63ක් රැස් කළ අතර උමාර් අක්මාල් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා.

මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය මීර්පූර්හිදී අද පැවැත්වෙනවා.

මෙම තරඟය සඳහා ද ශ්‍රී ලංකා විස්සයි විස්ස පිළේ නිත්‍ය නායක ලසිත් මාලිංගගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අතර මෙතෙක් පැවැති විස්සයි විස්ස තරඟ 9කදී ඉන්දියාව තරඟ 5ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරඟ 4ක් ජයග්‍රහණය කළා.

\"\"
\"\"