අද තරඟය දෙපිලටම තීරණාත්මකයි

Wednesday, 02 March 2016 - 13:52

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7%E0%B6%B8+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ සත්කාර බංග්ලාදේශය සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තරඟය ඩකාහිදී අද (02) පැවැත්වෙනවා.

එම තරඟය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇති.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ලැබූ ජයග්‍රහණය හමුවේ කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉහළ මානසිකත්වයකින් පසුවන බවයි.

කෙසේ වුවත්, පාකිස්ථානු කණ්ඩායමට මුහුණ දීම සඳහා ගත යුතු උපක්‍රම සම්බන්ධයෙන් කණ්ඩායමේ සියලූ ක්‍රීඩකයන්ට හොඳ අවබෝධයක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.