පකිස්ථානයට එරෙහි තරගයෙන් බංග්ලාදේශය ජය ගනී

Thursday, 03 March 2016 - 7:02

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ආසියානු කුසලාන තරගාවලියේ පකිස්ථානයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත්වුනා.

ඩකාහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 129 ක් පමණයි.

සෆ්රාස් අහමඩ් නොදැවී ලකුණු 58 යි.

ශොයිබ් මලික් ලකුණු 41 ක් රැස් කලා.

පන්දු යැවීමේදී අල් අමින් හුසේන් කඩුලු 3 ක් සහ අර්ෆාට් සනි කඩුලු 2 ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කලා.

තරගයේ වීරයා වු සොවුම්යා සර්කාර් ලකුණු 48 යි.

ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් වුනා.

අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ලබන 6 වනදා ඩකාහිදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ තවත් තරගයක් අද ඩකාහිදී පැවැත්වෙනවා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සහ ඉන්දියාව අතරයි.

\"\" \"\"