කණ්ඩායම වෙනස් කර ඵලක් නෑ

Saturday, 05 March 2016 - 13:31

%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B5%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91
ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට නොහැකි වුව ද ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් වෙනස් කිරීම තුළින් සාර්ථකත්වයක් අත්කර ගත නොහැකි බව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ඩකා නුවරදී ඉන්දීය හින්දු පුවත්පතට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වර්තමාන කණ්ඩායමේ ක්‍රීඩකයන් පිළිබඳව ඉවසීමෙන් සහ උපේක්ෂාවෙන් කටයුතු කළ යුතු බවයි.

විස්සයි විස්ස ලෝක කුසලානය අභියස කණ්ඩායමේ විශාල වෙනස්කම් සිදුකිරීම නුසුදුසු බව ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ නමුත් ආසියානු කුසලාන තරනගාවලියේදී ක්‍රීඩා කළ ආකාරයෙන් ශ්‍රී ලංකා පිලට අවසන් තරඟයේ ස්ථානයක් හිමි නොවීම සාධාරණ බවත්, ඔහු කියා සිටියා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ප්‍රබල අභියෝගයක් වුවත් එහිදී උපරිම දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උත්සාහ කරනු ඇති බවයි ඇන්ජලෝ මැතිව්ස් අවධාරණය කළේ.