විස්සයි විස්ස ශූරතාව ඉන්දියාවට

Monday, 07 March 2016 - 7:37

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට ඉන්දීය පිල ඊයේ සමත්වුණා.

බංග්ලාදේශයට හිමිවූයේ අනුශූරතාවයි. ඉන්දියාව සහ බංග්ලාදේශය අතර  මීර්පූර්හිදී ඊයේ පැවති අවසන් මහා තරඟයෙන් ඉන්දීය ක්‍රීඩකයින් කඩුලූ 8 ක පහසු ජයක් ලබාගත්තා.

වර්ෂාව හේතුවෙන් තරඟය ආරම්භ කිරීම පැය දෙකකට අධික කාලයක් ප්‍රමාදවීම නිසා එම තරඟය පන්දු වාර 15 කට සීමා කරන බවයි තරඟ තීරකයින් ප්‍රකාශ කළේ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය පිල බංග්ලාදේශයට ආරාධනා කළා. ඒ අනුව බංග්ලාදේශය සිය පන්දු වාර 15 අවසානයේදී කඩුලූ 5 ක් දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 120 ක් පමණයි.

ලකුණු 121 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දු වාර 13 යි පන්දු 5 කදී කඩුලූ 2 ක් පමණක් දැවී එම සීමාව පසුකර ගියා.

ෂිකර් දවාන් ලකුණු 60 යි.

\"\" \"\"