ධර්මසාලා වෙනුවට වෙනත් ක්‍රීඩාංගණයක් දෙන්න

Wednesday, 09 March 2016 - 7:53

%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට අදාළව මාර්තු 19 වන දා පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පාකිස්තාන අතර තරඟය හිමාචල් ප්‍රදේශ් හි ධර්මසාලා ක්‍රීඩාංගණයෙන් ඉවත් කොට ඒ සඳහා නව ස්ථානයක් ලබාදෙන ලෙස පාකිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 ඒ තරඟය සඳහා පාකිස්තාන කණ්ඩායමට සපයා ඇති ආරක්ෂාව පිළිබඳ ඇගයීමට පැමිණි පාකිස්තාන ආරක්ෂක නියෝජිතයන්ගේ නිර්දේශයක් අනුවයි.

නිලධාරීන් තුන්දෙනෙකුගෙන් යුත් ආරක්ෂක ඇගයීම් කණ්ඩායමක් ඊයේ ඉන්දියාවට පැමිණියේ මෙම තරඟය සඳහා ආරක්ෂාව සැපයීම ගැටළුවක් බව ධර්මසාලා ක්‍රීඩාංගණයේ පිහිටි ඉන්දීය ප්‍රාන්තයේ මහ ඇමතිවරයා සිදුකළ ප්‍රකාශයත් සමගයි.

තරඟය කොල්කටා හෝ මෝහාලි නගරවල පවත්වන ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය දැන් ජාත්‍යන්තර සම්මේලනයෙන් ඉල්ලා සිටිනවා.

පාකිස්තාන කණ්ඩායම ඉන්දියාව බලා නික්මෙනු ඇත්තේ මේ සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමෙන් අනතුරුවයි.

මේ නිසා පාකිස්තාන කණ්ඩායම නියමිත පරිදි අද දිනයේ ඉන්දියාව බලා පිටත්ව නොයන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළා.