අයර්ලන්තය පරදවා ඕමානය ජය ගනී

Thursday, 10 March 2016 - 7:16

%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%8F+%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
20යි20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති සුදුසුකම් ලැබීමේ තරගයකින් අයර්ලන්තය පරදවා කඩුලු 2 ක ජයක් ලබා ගැනීමට ඕමාන කණ්ඩායම සමත්වුනා.

ධර්මසාලාහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 154 ක් රැස් කලා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4 කදී කඩුලු 8 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකලා.

මේ අතර 20යි 20 ලෝක කුසලානයේ තවත් තරගයක් ඊයේ පැවැත්වුනේ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතරයි.

එම තරගයෙන් බංග්ලාදේශය ලකුණු 8 ක ජයක් හිමිකර ගත්තා.

ධර්මසාලාහිදී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 153 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 145 ක් පමණයි.

මේ අතර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 2 ක් අද පැවැත්වෙනවා.

ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ අතර තරගයක් නාග්පුර්හිදී පැවැත්වෙන අතර ඇෆ්ගනිස්ථානය සහ හොංකොං කණ්ඩායම් අතර තරගයක් ද නාග්පුර්හිදී පැවැත්වීමට නියමිතයි.