පළමු පුහුණුවේම නවසීලන්තය ප්‍රබල වෙයි

Friday, 11 March 2016 - 6:45

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර ශ්‍රී ලංකාව ඊයේ (10) සහභාගි වූ පළමු පෙරපුහුණු තරඟයේදී නවසීලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.

ඒ ලකුණු 74 කින්. තරඟයේ මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 226 ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබා ගත්තේ ලකුණු 152 ක් පමණයි.

මේ අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පෙර පුහුණු තරඟය කඩුලු 5 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා.
\"\" \"\"