හොංකොං පැරදූ ඇෆ්ගනිස්ථානයට ජය

Friday, 11 March 2016 - 12:25

%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%96+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (10) පැවති තවත් පෙර පුහුණු තරඟයකදී හොංකොං පරදා කඩුලූ 6 ක ජයක් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් හොංකොං කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 116 ක් රැස් කළා.

ඇෆ්ගනිස්ථාන පිල මෙම සීමාව පසුකර ගියේ කඩුලූ 4 ක් පමණක් දැවී තිබියදීයි.

මේ අතර, විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ තවත් පෙර පුහුණු තරඟ දෙකක් අද පැවැත්වෙනවා.  

එක් තරඟයක්  ඕමානය සහ නෙදර්ලන්තය අතරත් අනෙක් තරඟය බංග්ලාදේශය සහ අයර්ලන්තය අතරත් පැවැත්වෙනු ඇති.