විස්සයි විස්සට ඇෆ්ගනිස්ථානයට වරම්

Sunday, 13 March 2016 - 7:58

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A
මෙවර  විස්සයි විස්ස ලෝක කුසලාන ප්‍රධාන තරඟාවලියට ඇතුළත්වීමට ඇෆ්ගනිස්ථානය ඊයේ සුදුසුකම් ලැබුවා.

ඒ සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ සිම්බාබ්වේ සමඟ පැවති තරඟයෙන් ලකුණු 59 ක ජයග්‍රහණයක් අත් කරගනිමින්. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය සිය පන්දු වාර 20 තුළදී කඩුලූ 6 ක් දැවී ලකුණු 186 ක් රැස් කළා.

මොහොමඞ් නබී එහිදී ලකුණු 52 ක් ලබාගැනීමට සමත්වුණා.

පිළිතුරු වශයෙන් සිම්බාබ්වේ පිල පන්දු වාර 19 යි පන්දු 4 කදී සියලූ ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 127 ක් පමණයි.

රෂීඞ් ඛාන් ලකුණු 11 කට කඩුලූ 3 ක් බිඳ හෙලූවා. මෙම ජයග්‍රහණයත් සමඟ ඇෆ්ගනිස්ථාන පිල බී කාණ්ඩයේ පෙරමුණ ගන්නා අතර ඔවුන් ප්‍රධාන තරඟාවලියේ ප්‍රථම තරඟයට ලබන 17 වනදා මුහුණදෙනවා.

කොල්කටා හි ඊඞ්න් ගාඞ්න් ක්‍රීඩාංගණයේදී එම තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සමඟයි.