හිටපු ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානීගේ ප්‍රකාශයක් ගැන සෙවීමට ත්‍රිපුද්ගල විනය කමිටුවක්

Sunday, 13 March 2016 - 10:32

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු ප්‍රධානී කපිල  විජේගුණවර්ධන  සිදුකර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ත්‍රිපුද්ගල විනය කමිටුවක් පත්කර තිබෙනවා.

 එහි ප්‍රධානියා වන්නේ පාලිත කුමාරසිංහයි.

හිටපු තේරීම් කමිටු ප්‍රධානියා සිදුකර ඇති ප්‍රකාශ නොමග යවන සුලු බවටයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මානසික තත්වයටද බලපෑම් එල්ලකල හැකි බව එහි සඳහන්.

මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් නව තේරීම් කමිටුව පැහැදිලි දැක්මකින් කටයුතු කරමින් සිටින බව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

එබැවින් අදාල විනය කමිටුව විසින් ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාවට නැංවීමට සහ විනය පියවර ගැනීමට ක්‍රිකට් ආයතනය සූදානම් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.