ආරක්ෂාව ගැන සිතන්නේ නෑ

Monday, 14 March 2016 - 13:52

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91
ආරක්ෂාව ගැන නොසිතා තම කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරනඟාවලියට ක්‍රීඩා කරන බව පාකිස්ථානු කණ්ඩායමේ නායක සහීඞ් අෆ්රිඩි පවසනවා.

මේ වනවිට ඉන්දියාවට පැමිණ සිටින පාකිස්ථානු කණ්ඩායමට ඉන්දියාව විසින් ලබාදී ඇති ආරක්ෂාව පිළිබඳව තමන් සෑහීමකට පත්වන බවයි පාකිස්ථානු නායකයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

ලෝක කුසලාන තරනඟාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානු කණ්ඩායම සහභාගි වන තරඟය ලබන 19 වනදා කොල්කටා හිදී පැවැත්වෙනවා.

මීට පෙර එම තරඟය ධර්මශාලා හිදී පැවැත්වීමට නියමිතව තිබුණත් ආරක්ෂක හේතුන් මත එය කොල්කටා වෙත මාරු කිරිමටයි තීරණය කෙරුණේ.

මේ අතර, විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි වටයේ තරඟ හෙට ආරම්භ වනවා.

පළමු තරඟය පැවැත්වෙන්නේ නවසීලන්තය සහ ඉන්දියාව අතරයි.  

සුපිරි වටයේ තරඟ සඳහා කණ්ඩායම් 10 ක් සුදුසුකම් ලබා තිබෙනවා.