‍දෙවන පුහුණුවේදී තිරිමාන්න සමඟ චන්දිමාල් ප්‍රබල උත්සාහයක

Tuesday, 15 March 2016 - 7:49

%E2%80%8D%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A
ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන පුහුණු තරගය අද පැවැත්වුණා කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේදී.

ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පාකිස්තානය හමුවේ ලකුණු 15 කින් පරාජය වුණා.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේදී අද ආරම්භ වනවා.

ඒ, සත්කාර ඉන්දීය පිළ සහ නවසීලන්තය අතර නාග්පූර් හිදී පැවැත්වෙන තරඟයෙන්.

ශ්‍රී ලංකා පිළ තරගාවලියට පිවිසෙන්නේ ඇෆ්ගනිස්ථානය සමඟ අනිද්දා කොල්කටා හි පැවැත්වෙන තරඟයත් සමඟයි.