වසරේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා නවසීලන්තයෙන්

Tuesday, 15 March 2016 - 13:59

%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
2015 වසරේ හොඳම ටෙස්ට් දක්ෂතාවට හිමි ක්‍රික් ඉන්ෆෝ තිළිණය නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන්ට හිමි වී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමඟ වෙලින්ටන් හි පැවති ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 242ක් රැස් කිරීම හේතුවෙන්.  

ඕස්ට්‍රේලියානු පිළ ලකුණු 60කට දවාලමින් ලකුණු 15කට කඩුලු 8ක් බිද හෙලූ එංගලන්ත පිළේ ස්ටුවට් බ්‍රෝඞ් හොදම ටෙස්ට් පන්දු යවන්නාට හිමි තිළිණයට නම් කෙරුණා.

නවසීලන්ත ක්‍රීඩකයන්ට මෙම සම්මාන 3ක් හිමි වූ අතර වසරේ ක්‍රිකට් නායකයාට හිමි තිළිණයට නම් කර ඇත්තේ නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්.