එංගලන්තයට ජය

Saturday, 19 March 2016 - 7:42

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊයේ පැවති දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර තරඟයෙන් එංගලන්තය කඩුලූ 2ක ජයක් හිමි කර ගත්තා.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4ක් දැවී ලකුණු 229ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස එංගලන්තය පන්දු වාර 19යි පන්දු 4කදී කඩුලූ 8ක් දැවී ලකුණු 230ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළා.