මාලිංග වෙනුවට ඉන්දියාවට යන අලුත්ම ක්‍රීඩකයා මෙන්න

Saturday, 19 March 2016 - 10:43

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පාදයේ ආබාධයකට ලක්ව සිටින ලසිත් මාලිංග නැවත ශ්‍රී ලංකාවට කැදවීමෙන් පසු ඔහු වෙනුවට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිළ නියෝජනය කිරීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව යනු ඇති.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩයේ තරඟ වදින ශ්‍රී ලංකා පිළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ හෙට බැංගලෝර් හිදී තරඟ වදිනවා.