ඉන්දියාව ජය ගනී

Sunday, 20 March 2016 - 7:27

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගයකින් පකිස්ථානය පරදවා කඩුලු 6 ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත්වුනා.

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඊයේ තරගය ආරම්භ කරනු ලැබුවේ ද ප්‍රමාදයකින් පසුවයි.

ඒ හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 18 බැගින් සීමා කිරීමට ද තරග තීරකයන් පියවර ගෙන තිබුනා.

කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 18 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 118 ක් රැස් කලා.

අහමඩ් ශේෂාද් ලකුණු 25 යි.

ශොයිබ් මලික් ලකුණු 26 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 15 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කලා.

මේ අතර 20 යි 20 ලෝක කුසලානයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර එක් තරගයක් පැවැත්වෙන්නේ මුම්බායිහිදීයි.

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම බැංගලෝර්හිදී තරග වැදීමට නියමිතයි.

ඉන්දියා පකිස්ථාන් තරඟයේදී අර්ධ ශතකයක් ලබා ගත් කෝලි විසින් ඉන්දීය සුපිරි පිතිකරු තෙන්ඩුල්කාර්ට ආචාර දැක්වූ  පහතින්.



\"\" \"\"