ශ්‍රී ලංකා නායිකාවට ලෝක කුසලානය අහිමි වෙයි

Sunday, 20 March 2016 - 14:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන 20 යි 20 තරගාවලියේ කණ්ඩායම් නායිකාවකට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධනයි.

ඒ  පාදයේ ආබාධයක් හේතුවෙන්.

කණ්ඩායම් කළමණාකාරිනී වැනීසා ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ ශෂිකලා සිරිවර්ධනට ශල්‍යකර්මයක් සිදුකල යුතු බවයි.

නායිකාවට පවතින ආබාධය හේතුවෙන් ඇයට සමස්ත තරගාවලියම අහිමිවන බව ද කණ්ඩායම් කළමණාකාරිනිය ප්‍රකාශකර තිබෙනවා.

එම ශල්‍යකර්මය මුම්බායි නුවරදීම සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බව ද වැනීසා ද සිල්වා සඳහන් කර ඇති බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.

කණ්ඩායම් නායිකාවගේ ආබාධය පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද දැනුවත් කර ඇතැයි සඳහන්.

ඔවුන්ගේ අනුමැතිය මත ශෂිකලා සිරිවර්ධන වෙනුවෙන් අනුෂ්කා සංජීවනී කණ්ඩායමට එක්කර ගන්නා බව ද වැනීසා ද සිල්වා ප්‍රකාශකර තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්තය අතර අද පස්වරුවේ තරගයක් පැවැත්වීමට ද නියමිතයි.