වොට්සන් සමුගනී

Thursday, 24 March 2016 - 16:25

%E0%B7%80%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් සිය ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඒ ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුවයි.

ශේන් වොට්සන්ගේ ක්‍රිකට් දිවියට මේවන විට වසර 14 ක් ගතවී තිබෙනවා.

ඔස්ට්‍රේලියා ක්‍රීඩකයා පසුගිය වසරේ අලු බඳුන තරගාවලියෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ජීවිතයට ද සමුදුන්නා.  

එමෙන්ම පසුගිය සැප්තැම්බර් මාසයෙන් පසු මේ දක්වා ශේන් වොට්සන් කිසිදු එක්දින ජාත්‍යන්තර තරගයකට ද සහභාගී වී නැහැ.

 34 වන වියෙහි පසුවන වොට්සන් මේවන විට දරු දෙදෙනෙකුගේ පියෙක් ද වනවා.

එක්දින ජාත්‍යන්තර තරග 190 කට ක්‍රීඩා කර ඇති ශේන් වොට්සන් ලකුණු 5757 ක් රැස් කරගෙන තිබෙනවා.

එක්දින තරගවලදී ඔහු ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 168 ක්.

එමෙන්ම 20 යි 20 ජාත්‍යන්තර තරග 56 කට ක්‍රීඩා කර ඇති ශේන් වොට්සන් ලකුණු 1400 ක් ලබාගෙන ඇති අතර කඩුලු 46 ක් බිඳ හෙලා තිබෙනවා.




මිචෙල් ස්ටාක් යළි ප්‍රාන්ත ක්‍රිකට් තරගවල එක්වීමට සැරසේ
Thursday, 28 May 2020 - 8:16

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක... Read More

හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More

ලෝක කුසලාන සත්කාරකත්වය ගැන අයි.සී.සී.යෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දීමක්
Wednesday, 27 May 2020 - 13:22

ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමේ තීරණය තමන්ට ගැනීමට... Read More