මැතිව්ස්ගේ ඉනිම ගැන එංගලන්ත නායකයා කථා කරයි

Sunday, 27 March 2016 - 12:27

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තම කණ්ඩායමේ දැවැන්ත චරිත මෙන්ම කුසලතා පරිපුර්ණ ක්‍රීඩකයන් සිටින බව එංගලන්ත  කණ්ඩායමේ නායක ඔවන් මෝගන් පවසනවා.

 අර්ධ අවසන් පුර්ව තරගවලදීත් තම කණ්ඩායම හොඳ ස්ථාවරත්වයක පවතිනු ඇති බවයි ඔහු පවසන්නේ.

ඊයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එංගලන්ත නායකයා මෙම අදහස් පළකර තිබෙනවා.

එමෙන්ම තරගයෙන් තරගයට තම කණ්ඩායම වෙනස්කම් පෙන්වන බවයි ඔවන් මෝගන් සඳහන් කර ඇත්තේ.

පිළිතුරු ඉනිමේ පළමු පන්දුවාර කිහිපයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් අසීරු අඩියකට පත් කරවීම ස්ථාවරව පවත්වාගෙන යාමට තම පන්දු යවන්නන්ට හැකිවුයේ නම් තරග ජයග්‍රහණය මීට වඩා පහසු වනු ඇතැයි ද එංගලන්ත නායකයා ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් ජයග්‍රහණයේ මාවතකට ගෙන ආ බවයි ඔහු සඳහන් කලේ.

ඒ හේතුව මත ජයග්‍රහණය වෙනුවෙන් තවත් කැපවීමට සිදුවු බව ඔවන් මෝගන් පෙන්වා දෙනවා.

ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයට වඩා ශ්‍රී ලංකාව සමග පැවති තරගයේදී එංගලන්ත කණ්ඩායමේ පැහැදිළි දියුණුවක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තම කණ්ඩායම සම්බන්ධයෙන් අනවශ්‍ය ආකාරයෙන් ඇගයීම් නොකල ද එලෙස සිදු කරන ඇගයීම කණ්ඩායමේ ශක්තියට අවශ්‍ය වනු ඇතැයි ද ඔවන් මෝගන් සඳහන් කර තිබෙනවා.


විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More

ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More