කොදෙව්වන් අවසන් මහා තරගයට

Friday, 01 April 2016 - 7:23

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7
20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත්වුනා.

ඒ ඉන්දියාවට එරෙහි අර්ධ අවසන් පුර්ව තරගය කඩුලු 7 කින් ජයග්‍රහණය කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනු කොදෙව්වන්ගේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 192 ක් රැස් කලා.

රෝහිත් ශර්මා ලකුණු 43 ක් ලබාගත්තේ පන්දු 31 කදී.

ඊට හයේ පහර සහ හතරේ පහර 3 බැගින් ඇතුලත් වුනා. අජින්කෙයා රහනේ පන්දු 35 කින් ලකුණු 40 ක් ලබාගත්තේ හතරේ පහර 2 ක් ද සමගින්.

සුපිරි පිතිකරු විරාත් කෝලි පන්දු 47 කින් වේගවත් ලකුණු 89 ක් ලබාගත්තා.

නොදැවී පිටියේ රැඳී සිටි ඔහු ලබාගත් ලකුණු 47 ට හතරේ පහර 11 ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වුනා.

මහේන්ද්‍ර සිං ධෝනි නොදැවී ලකුණු 15 යි. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 19 යි පන්දු 4 කදී කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකලා.

ජොන්සන් චාල්ස් පන්දු 36 කින් ලකුණු 52 ක් ලබාගත්තේ හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින්.

ලෙන්ඩි සිමන්ස් නොදැවී ලකුණු 82 ක් රැස්කලා. පන්දු 51 කින් ඔහු ලබාගත් එම ලකුණු 82 ට හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් ඇතුලත් වුනා.

ඇන්ඩ‍්‍රී රසල් නොදැවී 43 යි. පන්දු 20 කින් ඔහු ලබාගත් එම ලකුණු සංඛ්‍යාවට හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ඇතුලත් වුනා.

තරගයේ වීරයා සම්මානය කොදෙව් කණ්ඩායමේ ලෙන්ඩි සිමන්ස්ට හිමිවුනා.

තරගයෙන් ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායම සමග තරග වදිනු ඇති.





දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More