තරග පරාජය ගැන ධෝනිගෙන් අමුතුම කථාවක්

Friday, 01 April 2016 - 9:05

%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B0%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති අවසන් පුර්ව තරගය පරාජයට හේතුවු කරුණු කිහිපයක් පිළිබඳ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං ධෝනි අදහස් පළකර තිබෙනවා.

කොදෙව් පිළිතුරු ඉනිමේදී දග පන්දු යවන්නන්ට අපහසුවන ආකාරයෙන් තණතිල්ල නිර්මාණය වී තිබු බවයි ඔහු ප්‍රකාශ කලේ.

එමෙන්ම අවසන් ඉනිමේදී ක්‍රීඩාංගණයේ පැවති පිණි සහිත ස්වභාවය හේතුවෙන් තම පන්දු යවන්නන් අසීරුතාවට පත්වු බව ඉන්දීය නායකයා පෙන්වා දෙනවා.

නිපන්දු යැවීම් කිහිපය පිළිබඳ දැඩි කනස්සල්ලට පත්වන බව ද ඔහු සඳහන් කලා.

ඉන්දීය කණ්ඩායමේ ඊයේ ක්‍රියාකාරීත්වයේ දැඩි කළකිරීමට පත්වු සිදුවීම එය බවයි ධෝනි ප්‍රකාශකර ඇත්තේ.

එමෙන්ම තම කණ්ඩායමට තවත් ලකුණු 30 ක් පමණ ලබා ගැනීමට හැකියාව තිබුනේ නම් ප්‍රතිඵලය මීට වඩා බෙහෙවින් වෙනස්වනු ඇතැයි ද ඉන්දීය නායකයා පෙන්වා දෙනවා.

ලකුණු 192 ක පිළිබඳ සෑහීමකට පත්වන්නේදැයි මාධ්‍යවේදීන් කල විමසීමේදීයි ඔහු මෙම අදහස් පළකර ඇත්තේ.

තරගයේ කාසියේ වාසිය අහිමිවීම පිළිබඳව ද මහේන්ද්‍ර සිං ධෝනි කනස්සල්ල පළකරනවා.



රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More

විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More