අවසන් මහා තරගය අභියස ඩැරන් සැමී කණගාටුවෙන්

Sunday, 03 April 2016 - 7:03

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%83+%E0%B6%A9%E0%B7%90%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර කොල්කටාහිදීයි.

රාත්‍රී 7 ටයි තරගය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ.

මේ අතර කොදෙව් කණ්ඩායමේ නායක ඩැරන් සැමී ක්‍රිකට් විස්තර විචාරක මාර්ක් නිකොලස්ගේ ප්‍රකාශයක් දැඩිව හෙළා දැක තිබෙනවා.

පසුගිය මාර්තු මස 3 වනදා විදෙස් මාධ්‍ය ආයතනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මාර්ක් නිකොලස් ප්‍රකාශකර තිබුනේ කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දැනුම අඩු අතර ඔවුන්ගේ මොළය ප්‍රමාණවත් පරිදි වර්ධනය වී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඩැරන් සැමී අවධාරණය කලේ 20 යි 20 ලෝක කුසලානය එක් වරක් ජයග්‍රහණය කර ඇති තම කණ්ඩායමේ සාමාජිකයන් මොළයක් නැති පිරිසක් ලෙස හැඳින්වීම කිසිසේත් පිළිගත නොහැකි බවයි.

තමා ඉතා ගෞරව කරන එමෙන්ම විශාල පිරිසකගේ ගෞරවයට පාත්‍රවු පුද්ගලයකු මෙවැනි ප්‍රකාශයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා නොකරන බව ද ඩැරන් සැමී පෙන්වා දෙනවා.

මාර්ක් නිකොලස්ගේ මෙම ප්‍රකාශය පිළිබඳ තමා ඉතා කණගාටුවන බව ද කොදෙව් නායකයා සඳහන් කලා.

මිනිසුන් මොළයක් නැති පිරිසක් ලෙස හඳුන්වන්නේ කෙසේදැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්ණ කරනවා.

ඕනෑම සත්වයකුට පවා මොළයක් පිහිටා ඇති බවයි කොදෙව් නායකයා සඳහන් කරන්නේ.

එමෙන්ම මෙවැනි ප්‍රකාශවලින් තමන් තවත් ධෛර්යමත් වනවා මිස කිසිසේත් පසුබට නොවන බව ද බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සැමී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

මේ අතර අද තරගය පිළිබඳ සටහනක් ගෙන එන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාව එංගලන්තයේ උපත ලැබුවද ලෝක ප්‍රකට ක්‍රිකට් තරු වැඩිම සංඛ්‍යාවක් බිහිව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දිවයින්වලින් බවයි.

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් මීට පෙර ප්‍රධාන පෙළේ අවසන් තරඟ දෙකකදී මුණගැසී ඇති අතර, එම අවස්ථා දෙකේදීම ජයග්‍රාහකයන් වූයේ කොදෙව් පිලයි.

කොදෙව් පිල මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාව පරදවා අවසන් තරඟයට සුදුසුකම් ලැබුවද ඉන්දීය ක්‍රීඩාලෝලීන් අතරද ඔවුන් බෙහෙවින් ජනප්‍රිය බව වාර්තාවනවා.

කොල්කටාව මීට දින කිහිපයකට පෙර ඛේදවාචකයකට මුහුණදුන් අතර, එහි මගී පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉන් අනතුරුව බොහෝදෙනා තරඟාවලිය නැරඹීමෙන් වැළකී සිටි නමුදු කොදෙව් පිල ඊයේ කොල්කටාවට පැමිණීමත් සමඟ ඔවුන් පිළිගැනීමට පෙළ ගැසී සිටිය බව විදෙස් වාර්තා සඳහන් කළා.

කොදෙව් පිල සටන්කාමී ලෙස ක්‍රීඩා කළද එංගලන්තය මෙවර විස්සයි විස්ස තරඟාවලියේදී සිය ආරක්ෂිත සම්ප්‍රදාය වෙනස් කරමින් විශාල ඉලක්කයන් හඹා යාමට සමත්වුණා.

දකුණු අප්‍රිකාව ලබාදුන් ලකුණු 229 ක ඉලක්කය සාර්ථක ලෙස හඹා යාම ඉන් ප්‍රධානයි.

එහෙත් ක්‍රිස්ගේල්ගේ පිති හරඹය හමුවේ එංගලන්තය මෙවර තරඟාවලියේ තමන් මුහුණදුන් ප්‍රථම  තරඟයේදීම කොදෙව් පිල අතින් පරාජයට පත්වුණා. 



රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More

විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More