එංගලන්ත නායකයාගෙන් කණ්ඩායමට අභියෝගයක්

Sunday, 03 April 2016 - 11:32

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් මහා තරගය සුලුකොට තැකිය නොහැකි බව එංගලන්ත නායක ඔවන් මෝගන් පවසනවා.

තරගයේදී සියලු ක්‍රීඩකයන් එක අරමුණක සිටිය යුතු බවට තමා දැඩිව විශ්වාස කරන බවයි එංගලන්ත නායකයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් කණ්ඩායමේ දක්ෂතා සපිරි ක්‍රීඩකයන් හමුවේ ජයග්‍රහණය අසීරු නොවන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඔහු තම ක්‍රීඩකයන්ට අභියෝග කර ඇත්තේ වසරක පමණ කාලයක සිට කණ්ඩායමේ පවතින වර්ධනය ලෝක කුසලාන ජයග්‍රහණයෙන් තහවුරු කල යුතු බවයි.

තමා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ තණතිල්ල පිළිබඳ ඉතාමත් සෑහීමකට පත්වන බවයි ඔවන් මෝගන් ප්‍රකාශකර ඇත්තේ.

කොල්කටා නුවරට පැමිණීමට පෙර සිතා සිටි ආකාරයට වඩා ඊඩ්න් ගාඩ්න් තණතිල්ල වෙනස් බව ඔහු සඳහන් කර තිබෙනවා.

තණතිල්ලේ තත්වය කෙසේ වුව ද තම කණ්ඩායමේ ක්‍රීඩකයන් ඕනෑම වාතාවරණයක ක්‍රීඩා කිරීමට සුදානමින් සිටින බව ද එංගලන්ත නායකයා පවසනවා.

පසුගිය වසරක පමණ කාලයක සිට කණ්ඩායමේ පවතින වර්ධනය අවසන් මහා තරගය දක්වා පැමිණීමට හේතුවු බවයි එංගලන්ත නායක ඔවන් මෝගන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ලෝක කුසලාන 20 යි 20 තරගාවලියේ අවසන් මහා තරගය කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ අද රාත්‍රී 7 ටයි.


කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More